Friday, March 4, 2016

Madhawa Habarakada

බලශක්තිය, ස්වභාවික සම්පත් සහ අපේ වටපිටාව

මිනිස් ක්‍රියාකාරකම් සියල්ලක්ම පාහේ සෘජු හෝ වක්‍ර අයුරින් බලශක්තිය සහ ස්වභාවික සම්පත් පරිභෝජනය කරන බැව් අපි දනිමු.
බලශක්තිය, ස්වභාවික සම්පත් සහ අපේ වටපිටාවට ඇති අභියෝග කවරේද? සීග්‍ර ජනගහන වර්ධනය, පරිසර විනාශය, සම්පත් ඛෙදීයාමේ විෂමතාවයන් ආදිය ඒ අතර ප්‍රධානයි.
බලශක්තිය සහ ස්වභාවික සම්පත් ඉහල මට්ටමකින් පරිභෝජනය කරන සමාජ වටපිටාවන්, ඉහල ගුණාත්මක ජීවන ක්‍රමයකට උරුමකම් කියතැයි හුවාදක්වන පොදු නිගමනයකට එලැඹීම කෙතරම් යුක්තිසහගත සහ සත්‍යවාදීදැයි අපි සිතන්නෙමුද?
නිදසුනක් වශයෙන් වාර්ෂික ඒකපුද්ගල දළ ජාතික නිශ්පාදිතය ඇ.ඩො. 10000ට අඩු ශී්‍ර ලංකාව වැනි රටක ඒක පුද්ගල බලශක්ති පරිභෝජනය දළ වශයෙන් ගිගා ජූල් 50ක් පමණ වනමුත් වාර්ෂික ඒක පුද්ගල දළජාතික නිශ්පාදිතය ඇ.ඩො. 100000 පමණ වන කටාර් රාජ්‍යය වැනි රටක  ඒක පුද්ගල බලශක්ති පරිභෝජනය දළ වශයෙන් ගිගා ජූල් 650ක් පමණවේ. 
(මූලාශ්‍රය: http://economicshelp.org/)

Download the complete article: https://goo.gl/oA9s0v 

-----------------------------------------------------------------------------------------------
About the Author
Ruwan Danuka Edirisinghe (Inventor)
Contact: contact.rde[at]gmail[dot]com
-----------------------------------------------------------------------------------------------

Subscribe to this Blog via Email :